දේශීය

කොරෝනාවෙන් සිදුවූ මෙරට ආර්ථීක හානිය විමසන්න සමීක්ෂණයක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථීකයට සිදුවූ බලපෑම පිළිබද විමසීම සදහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙහි අරමුණ වන්නේ මෙම වසංගත තත්ත්වය හමුවේ හටගත් ආර්ථික පරිහානියෙන් නැගී සිටීම සදහා ක්‍රියාත්මක කල යුතු දිගුකාලීන සැලසුම් හා ප්‍රතිපත්ති හඳුනා ගැනීමයි.

www.statistics.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සමීක්ෂණය සදහා දායක විය හැකියි.

නැතහොත් අදාළ වෙබ් අඩවියේ සදහන් ප්‍රශ්ණ මාලාව භාගත කරගෙන ඊට පිළිතුරු සපයා 0112 147 412 ෆැක්ස් අංකයට යොමු කළ හැකියි.

නැතහොත් එය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව – අංක 306 / 71 පොල්දුව පාර / බත්තරමුල්ල යන ලිපිනයට යොමු කිරීමේ හැකියාව පවතින අතර , මේ පිළිබද වැඩි විස්තර 071 44 21 485 හෝ 071 80 38 054 දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැක.

Related posts

විශේෂ මෙහෙයුමකට STF 600කට හදිසි කැඳවීමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරයි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ අනුස්මරණ කටයුතු නිවසේ සිට සිදුකරන්නැයි කාදිනල් හිමි ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment