දේශීය

මාතලේ පුරපතිගේ තනතුර තාවකාලිකව අත්හිටුවයි

(UTV | මාතලේ) – මාතලේ මහ නගර සභාවේ පුරපති ඩල්ජිත් අලුවිහාරේ මහතා එම ධුරය දැරීම තාවකාලිකව අත්හිටුවමින් මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

1989 අංක 12 දරන පළාත් සභා පණත යටතේ පැවරී ඇති බලතල අනුවයි ආණ්ඩුකාරවරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

පුරපති ධුරයේ වැඩ බැලීම දැනට නියෝජ්‍ය නගරාධිපති ධුරයේ කටයුතු කරන සන්දනම් ප්‍රකාශ් මහතාට පැවරීමද එම ගැසට් නිවේදනයේම දක්වා ඇත.

මේ අතර මාතලේ මහ නගර සභාවේ පුරපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් මහ නගර සභා ආඥා පණතේ සඳහන් වැරදි කිසිවක් සිදුකර ඇතිද පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශ්‍රාමලත් විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය පත් කර තිබේ.

අදාළ පරීක්ෂණයට කොමිසමක බලය පවතින බවද මාස 03 ක් තුළ වාර්තාව සැපයිය යුතු බවද ගැසට් නිවේදනයේ සඳහන්.

Related posts

රෑට මැරෙන්න එපා…! මියයෑමට සිටින අයට, වෘත්තීය ක්‍රියමාර්ගයක යෙදී සිටින ග්‍රාම නිලධාරීනියන්ගෙන් දැනුම්දීමක්

Editor O

වී තොග සඟවා සිටින පුද්ගලයින් සොයා වැටලීම් සිදුකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් ට නඩු

Mohamed Dilsad

Leave a Comment