දේශීය

හැඳුනුම්පත්, පාස්පෝට් සහ රියදුරු බලපත්‍ර මුද්‍රණය දෙපාර්තමේන්තුවෙන්

(UTV | කොළඹ) –  ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර ඇතුලු රජයේ ප්‍රමුඛ මුද්‍රණ කටයුතු සියල්ල රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකසන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ඒ , එම අමාත්‍යාංශයේ දී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචනය සම්බන්ධයෙන් ඊයේ (25) පැවති සාකච්ඡාවකදියි.

එහි මූලික පියවරක් ලෙස විදෙස් ගමන් බලපත්‍රය මුද්‍රණයට අවශ්‍ය පහසුකම් පළමුව ලබාදිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඉදිරියේදි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව යොදාගෙන ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර මුද්‍රණය මගින් විශාල මුදලක් ඉතිරි කරගත හැකි බව ද අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී දැනුම් දී තිබේ.

Related posts

අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Mohamed Dilsad

ඉන්දීය ජනරජ දිනයට ජනපතිගෙන් සුභ පැතුම්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් 97 දක්වා ඉහළට [ UPDATE]

Mohamed Dilsad

Leave a Comment