දේශීය

ගල්කිස්සේදී අතුරුදන්වූ තරුණයෙකුගේ සිරුර සොයා ගනී

(UTV |කොළඹ) – ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර
සොයා ගෙන තිබේ.
ඒ අද(24) උදෑසන දෙහිවල වෙරළ තීරයට ගොඩගසා තිබියදීය.

මෙලෙස සොයා ගැනුණේ 18 හැවිරිදි මහනුවර – ඇරෝ තේවතුයායේ පදිංචි තරුණයෙකු බව පොලීසිය පවසයි.

තරුණයින් 5 දෙනෙකු ඊයේ(23) පස්වරුවේ ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදු විය.

එහිදී දියේ ගිලී අතුරුදන් වූ අනෙක් තරුණයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

Related posts

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය අදත්

Mohamed Dilsad

ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරි, අනුරගේ ආණ්ඩුව කෙඳිරි ගානවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment