දේශීයව්‍යාපාරික

කහ කුඩුවල පිළිකා කාරක ඇත්දැයි සෙවීමට පරීක්ෂණ

(UTV | කොළඹ) – අලෙවියට ඇති කහ කුඩු පරිභෝජනයට නුසුදුසු ලෙස යළි සකසා ඇති බවට අනාවරණ වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කරයි.

දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි කහ කුඩු සාම්පල ලබාගෙන පරීක්ෂාවට ලක් කිරීමට එම අධිකාරිය කටයුතුකළ අතර , ඒවායේ පරීක්ෂණ වාර්තා මේ වන විට ලැබී තිබේ.

කහකුඩුවලට හාල්පිටි, පාන් පිටි, කහ පරිප්පු සහ කඩල පරිප්පු මෙන්ම විවිධ වර්ණක යොදා ඇති බවට එමගින් අනාවරණ වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේය.

කහකුඩුවල පැහැය ලබා ගැනීමට එක් කරන වර්ණකයන් හි හෝ ඊට එක් කරන රසායනික ද්‍රව්‍යවල මිනිස් සිරුරට අහිතකර සංඝටක හෝ පිළිකා කාරක අඩංගු දැයි සොයා බැලීම සම්බන්ධයෙන් ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අවධානය යොමුව ඇත.

 

Related posts

නව කොවිඩ් ආසාදිතයින් 252ක්

Mohamed Dilsad

මිරිදිය කරදඩු ඉස්සන් වගාව දියුණු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ජාතික රුක් රෝපණ සතිය රුවන්වැලි සෑ රඳුන් අභියස දී

Mohamed Dilsad

Leave a Comment