දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවෙන් 12 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා විය.

කොවිඩ් 19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් එසේ මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඇය මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඊයේ (22) රාත්‍රියේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච් රෝහලට රැගෙන ඒමෙන් පසු ඇය මියගොස් තිබේ.

මියගිය කාන්තාව පිළිකා රෝගයෙන් පෙළුණු අයෙක් වන අතර හදවත් රෝග ලක්ෂණ ද පෙන්නුම් කළ අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

සමස්ත ලංකා මහජන කොංග්‍රසය අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

යාපනය දිස්ත්‍රික්කයට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය

Mohamed Dilsad

රැකියා හිමි නොවූ උපාධීධාරින්ට යළි අවස්තාවක් දෙන්න සූදානම්

Mohamed Dilsad

Leave a Comment