දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවෙන් 12 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා විය.

කොවිඩ් 19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් එසේ මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඇය මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඊයේ (22) රාත්‍රියේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච් රෝහලට රැගෙන ඒමෙන් පසු ඇය මියගොස් තිබේ.

මියගිය කාන්තාව පිළිකා රෝගයෙන් පෙළුණු අයෙක් වන අතර හදවත් රෝග ලක්ෂණ ද පෙන්නුම් කළ අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

කුවේට්හි අවතැන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහන

Mohamed Dilsad

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය-පැරදුම නොව, රටේ ජයග්‍රහණය හෝ පරාජයයි – ජනාධිපති

Editor O

ඒකාබද්ධයේ පක්ෂ නායකයින් සහ මැතිවරණ කොමිසමේ සභාපති අතර සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment