දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවෙන් 12 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා විය.

කොවිඩ් 19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් එසේ මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඇය මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඊයේ (22) රාත්‍රියේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච් රෝහලට රැගෙන ඒමෙන් පසු ඇය මියගොස් තිබේ.

මියගිය කාන්තාව පිළිකා රෝගයෙන් පෙළුණු අයෙක් වන අතර හදවත් රෝග ලක්ෂණ ද පෙන්නුම් කළ අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

මත්පැන් මිලේ සිදු වූ වෙනස

Mohamed Dilsad

බදු ශක්ති බදු සතියට සමගාමීව මත්පැන් බලපත්‍රධාරීන්ට පැවැත්වූ වැඩමුළුවට සහාය නොදුන්නැයි සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනා

Editor O

නාලක කළුවැව සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

Leave a Comment