ක්‍රීඩා

ඩැනියෙල් විටෝරි බංග්ලාදේශයේ උපදේශක ලෙස යොදා ගැනීමට සූදානමින්

(UTV | කොළඹ) – නවසීලන්තයේ ප්‍රවීන දඟ පන්දු යවන ක්‍රීඩක ඩැනියෙල් විටෝරි බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී එම කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස යොදා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා ඔහු දින 100 ක කාලයක් සඳහා එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹී ඇති අතර, දිනක් සඳහා හිමිවන මුදල ඇමරිකානු ඩොලර් 2,500 ක්.

හිටපු නවසීලන්ත නායක ඩැනියෙල් විටෝරි පසුගිය වසරේ සිම්බාබ්වේ පිලේ බංග්ලාදේශ සංචාරයේදී ද බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කළේය.

ටෙස්ට් තරඟ තුනක සංචාරයක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබන සැප්තැම්බර් 28 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට නව කළමනාකාරුවෙක්

Mohamed Dilsad

ආසියානු කුසලානය සඳහා ලසිත් තෝරා පත්කර ගැනීම පිළිබඳ ජනතා අසහස් (වීඩියෝ)

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථාන ක්‍රිඩක මොහොමඩ් ශේෂාර්ඩ්ට තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment