ක්‍රීඩා

ඩැනියෙල් විටෝරි බංග්ලාදේශයේ උපදේශක ලෙස යොදා ගැනීමට සූදානමින්

(UTV | කොළඹ) – නවසීලන්තයේ ප්‍රවීන දඟ පන්දු යවන ක්‍රීඩක ඩැනියෙල් විටෝරි බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී එම කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස යොදා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා ඔහු දින 100 ක කාලයක් සඳහා එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹී ඇති අතර, දිනක් සඳහා හිමිවන මුදල ඇමරිකානු ඩොලර් 2,500 ක්.

හිටපු නවසීලන්ත නායක ඩැනියෙල් විටෝරි පසුගිය වසරේ සිම්බාබ්වේ පිලේ බංග්ලාදේශ සංචාරයේදී ද බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කළේය.

ටෙස්ට් තරඟ තුනක සංචාරයක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබන සැප්තැම්බර් 28 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

Related posts

බංගලිදේශය සමඟ පැවතී තරඟයෙන් ශ්‍රී ලංකාවට 91 ක ජයක්

Mohamed Dilsad

සොලොසානෝ වෙනුවට හෝප්

Mohamed Dilsad

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග 5 ක්

Mohamed Dilsad

Leave a Comment