දේශීය

පාසල් කටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් යළිත් නිවේදනයක්

(UTV | කොළඹ) – 10, 11, 12, 13 ශ්‍රේණිවල පාසල් කාලය ලබන සැප්තැම්බර් මස 02 වනදා සිට පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන්  සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් පාලන සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව ද එම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා අගෝස්තු මාසය අවසන් වන තෙක් පමණක් පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකරනු ඇත.

Related posts

අද රාත්‍රියේ ඡායා චන්ද්‍රගහණයක් දිස්වෙයි

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්නේ නැහැ – නීතිපති

Editor O

බදුල්ල පිළිකා වාට්ටුවෙන් තුන්වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment