දේශීයව්‍යාපාරික

ලෝකයේ ප්‍රථම වතාවට ලංකාවේ තේ කර්මාන්තශාලාවකට ප්‍රමිති සහතිකයක්

(UTV | නුවරඑළිය) – කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා නිර්දේශිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් තේ නිෂ්පාදනය කළ ලොව පළමු තේ කර්මාන්තශාලාවට හිමි ප්‍රමිති කාර්යාංශ සහතිකය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තශාලාවකට පිරිනමා ඇත.

මෙම සහතිකය හිමිකරගෙන ඇත්තේ හැටන් – කොටගල මවුන්ටන් වර්නන් තේ කර්මාන්තශාලාව විසිනි.

මෙම ප්‍රමිති සහතිකය පිරිනමා ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් නිර්දේශිත අදාළ සෞඛ්‍ය උපදෙස් තේ දළු නෙලීමේ සිට තේ කුඩු නිෂ්පාදනය දක්වාම ක්‍රියාත්මක කරන්නේ දැයි මාස දෙකකට අධික කාලයක් අධීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

Related posts

මෙරට ඉන්දීය මහකොමසාරිස් තනතුරෙහි වෙනසක්

Mohamed Dilsad

ඉන්දීය බිත්තර හෙට ?

Mohamed Dilsad

මැතිවරණයට අදාළ තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

Editor O

Leave a Comment