දේශීයප්‍රමුඛ පුවත 2

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනපති සුදානම්

(UTV |කොළඹ) – අගෝස්තු 20 වැනිදින පැවැත්වෙන 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අනුව ප.ව 3.00ට ජනාධිපතිතුමා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ අතර එදින උදෑසන 9.30ට අභිනව පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී පළමුව කථානායකවරයා තෝරාපත් කර ගැනීමෙන් පසු මන්ත්‍රීවරුන් දිවුරුම හෝ ප්‍රතිඥා ලබා දීම සිදු කෙරේ.

ඉන්පසුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීම සිදුවේ. අනතුරුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ප.ව 3.00 දක්වා‍ කල්තබනු ඇත.

Related posts

IMF කණ්ඩායම පැමි‍ණෙන විට බදු ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත විරෝධයක්

Mohamed Dilsad

මෙරට මුදල් රැගෙන ගිහින් විදේශ රටවල්වල සමාගම් ආරම්භ කළ අය සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක්

Editor O

අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

Leave a Comment