දේශීයප්‍රමුඛ පුවත 2

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනපති සුදානම්

(UTV |කොළඹ) – අගෝස්තු 20 වැනිදින පැවැත්වෙන 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අනුව ප.ව 3.00ට ජනාධිපතිතුමා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ අතර එදින උදෑසන 9.30ට අභිනව පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී පළමුව කථානායකවරයා තෝරාපත් කර ගැනීමෙන් පසු මන්ත්‍රීවරුන් දිවුරුම හෝ ප්‍රතිඥා ලබා දීම සිදු කෙරේ.

ඉන්පසුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීම සිදුවේ. අනතුරුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ප.ව 3.00 දක්වා‍ කල්තබනු ඇත.

Related posts

ජනපති ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරයි

Mohamed Dilsad

පොලීසියෙන් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක්ට තුවාල

Editor O

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

Leave a Comment