දේශීයප්‍රමුඛ පුවත 3

නවක මන්ත්‍රීවරුන්ට දින තුනක විශේෂ වැඩමුළුවක්

(UTV | කොළඹ) –  09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට දින තුනක විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇත.

සඳහන් කළේ ලබන 20 වනදා පළමු පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කර නව කථානායකවරයා තෝරා පත් කරගැනීමෙන් පසු මෙම වැඩමුළුව පිළිබඳව දින වකවානු තීරණය කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.

මෙහිදී පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තු ඉතිහාසය සහ ස්ථාවර නියෝග පිළිබඳව පුළුල් අවබෝධයක් නවක මන්ත්‍රීවරුන්ට ලබාදෙනු ඇති.

මීට අමතරව මන්ත්‍රීවරුන්ගේ වගකීම් මොනවාද යන්න සහ ඒ ආශ්‍රිතව බැඳී ඇති නිර්නායක පිළිබඳවද මෙහිදී දැනුවත් කිරීමට ද නියමිතව ඇත.

Related posts

මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි [GAZETTE]

Mohamed Dilsad

දැරියව අපයෝජනය කළ පුද්ගලයාව ඝාතනය කළ 6ක් අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු ඇමති චන්ද්‍රානි බණ්ඩාරට අධිචෝදනා

Editor O

Leave a Comment