දේශීයප්‍රමුඛ පුවත 3

නවක මන්ත්‍රීවරුන්ට දින තුනක විශේෂ වැඩමුළුවක්

(UTV | කොළඹ) –  09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට දින තුනක විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇත.

සඳහන් කළේ ලබන 20 වනදා පළමු පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කර නව කථානායකවරයා තෝරා පත් කරගැනීමෙන් පසු මෙම වැඩමුළුව පිළිබඳව දින වකවානු තීරණය කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.

මෙහිදී පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තු ඉතිහාසය සහ ස්ථාවර නියෝග පිළිබඳව පුළුල් අවබෝධයක් නවක මන්ත්‍රීවරුන්ට ලබාදෙනු ඇති.

මීට අමතරව මන්ත්‍රීවරුන්ගේ වගකීම් මොනවාද යන්න සහ ඒ ආශ්‍රිතව බැඳී ඇති නිර්නායක පිළිබඳවද මෙහිදී දැනුවත් කිරීමට ද නියමිතව ඇත.

Related posts

පාකිස්තානයට ලකුණු 402ක ඉලක්කයක්

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

Mohamed Dilsad

මේ වතාවේ බැරි වුණාත්, ඊළඟ වතාවේ ආණ්ඩුවක් හදනවා – රංජන් රාමනායක

Editor O

Leave a Comment