දේශීය

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරකින් මරුට

(UTV | කොළඹ) – අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු වූ අසිත හේමතිලක හෙවත් “සොල්ටා”, මුල්ලේරියාව වැලිවිටදී පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ අවස්ථාවේ පොලීසිය කළ වෙඩි තැබීමකින් මියගිය බව පොලිසිය පවසයි.

මෙම සොල්ටා නැමැති සැකකරු මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ අයෙකු ද වෙයි.

අදාළ සැකකරු මීට පෙර මුල්ලේරියාව ප්‍රදේශයේදී ගංජා සමඟ අත්අඩංගුවට ගෙන වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිට ඇපමත නිදහස්ව ඇති බව සඳහන් වෙයි.

මොහු පන්නිපිටියේ රූපලාවන්‍ය ශිල්පිනියක ඝාතනය කිරීමේ සිද්ධියේ එක් සැකකරුවෙකු බව ද වාර්තා වෙයි.

මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පිහිටි ශරීර සුවතා මංතීරුවේදී පොලී රොෂාන් නැමැත්තා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වන්නේද සොල්ටා නමැති මෙම සැකකරු බව පොලිසිය පවසයි.

Related posts

මෙරට රැඳී සිටි මැලේසියානුවන් 81 ක් සියරට බලා යයි

Mohamed Dilsad

හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි වැඩි වීමක්

Mohamed Dilsad

ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ස්ථානමාරු කිරීම ගැන හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

Editor O

Leave a Comment