දේශීයප්‍රමුඛ පුවත 2

එජාපයට නව නායකයෙකු තෝරාගැනීම සඳහා අද විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු තෝරාගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිතව ඇත.

පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ නායකත්වය සඳහා මේ වනවිට නම් අටක් යෝජනාවී ඇති බවයි.

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික දයා ගමගේ, රුවන් විජේවර්ධන, අර්ජුන රණතුංග, පාලිත රංගේ බණ්ඩාර සහ වජිර අබේවර්ධන මෙලෙස යෝජනා වී ඇති නම් අතර වන බව සඳහන්.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ තවදුරටත් රනිල් වික්‍රමසිංහ රැඳී සිටින අතර ඔහු ජ්‍යෙෂ්ඨයින්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම කණ්ඩායම අතරින් කෙනෙකු නව නායකත්වය සඳහා තෝරා පත් කර ගන්නා ලෙසයි.

Related posts

දුමින්ද සිල්වාට නිදහස

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම ගැන ඇමතිගෙන් විශේෂ හෙළිදරව්වක්

Mohamed Dilsad

අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව හඳුනාගැනේ

Mohamed Dilsad

Leave a Comment