දේශීය

හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි වැඩි වීමක්

(UTV | කොළඹ) – දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් හෙට සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකම හෙට සිට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සදහන්.

බස්නාහිර -සබරගමුව – මධ්‍යම – වයඹ දකුණු සහ උතුරු සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිත්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර / සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා වැඩිවිය හැකි අතර අකුණු සහ සුළං මගින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

Related posts

MCC ගිවිසුමට නීතිපති අනුමැතිය ලබාදී නැහැ

Mohamed Dilsad

සමයංගේ ගෝලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

තරුණ තරුණියන් 7,000කට අද සිට නව රැකියා අවස්ථා

Mohamed Dilsad

Leave a Comment