දේශීයප්‍රමුඛ පුවත 1

තරුණ තරුණියන් 7,000කට අද සිට නව රැකියා අවස්ථා

(උදයම්,කොළඹ) – තරුණ තරුණියන් 7,000කට රැකියා ලබා දෙන නව කර්මාන්ත ශාලාවක් කොග්ගල නිදහස් වෙළෙඳ කලා‍පයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (06) සිදු කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දෙවර්ෂ පූර්ණ පදවිප්‍රාප්තියට සමගාමීව මෙම කර්මාන්ත ශාලාව විවෘත කෙරෙනු ඇත.
ඒටීජී හෑන්ඩ් කෙයාර් පෞද්ගලික සමාගමට අයත් මෙම කර්මාන්ත ශාලාව මඟින් අත්වැසුම් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතය.
කොක්ගල නිදහස් වෙළෙඳ කලාප පරිශ්‍රයේ අක්කර 12ක භූමි ප්‍රමාණයක මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබේ.
1994 වසරේ ජුනි 14 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා එකළ කර්මානත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කොග්ගල නිදහස් ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කළ අතර එම කලාපයේ අවසන් ව්‍යාපෘතිය ලෙස මෙම අත්වැසුම් කර්මාන්ත ශාලාව ඉතිහාසයට එක් වෙයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩැරිස්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

Related posts

නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය.

Mohamed Dilsad

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් හිරුනිකා නිදහස් කරයි.

Editor O

අස්වනු ගබඩා කිරීමේ පහසුකම් පුළුල් කිරීමට උපදෙස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment