විදෙස්

තුර්කියේ අධිකරණ ශාලාවකට එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මරුට

(උදයම්,තුර්කිය) – තුර්කියේ  ඉස්මීර් නගරයේ අධිකරණ ශාලාවකට එල්ල වූ ප්‍රහාරයකින් පොලිස් භටයෙක් සහ අධිකරණ සේවකයෙක් ජීවිතක්ෂයට පත්වෙති.

ප්‍රහාරයට පැමිණි දෙදෙනෙකු ද මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඊයේ දිනයේ ඉස්මීර් නගරයේ අධිකරණ ශාලාවේ පිවිසුමට මෝටර් රථයකින් කඩා වැදුණු ප්‍රහාරකයන් පොලිසිය සමඟ වෙඩි හුවමාරුවක නිරත වී ඇති අතර, පසුව මෝටර් රථ බෝම්බයක් ද පුපුරුවා හැර තිබේ.

මොවුන් රැගෙන ආ ආයුධ පරීක්ෂා කිරීමේදී මීට වඩා දැවැන්ත ප්‍රහාරයකට සූදානම්ව සිටි බව පැහැදිලි න බව තුර්කි බලධාරින් ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රහාරයන් අයි.එස්. සංවිධානය හෝ කුර්දි ගරිල්ලන් එල්ල කරන්නට ඇති බවට සැක කෙරේ.

Related posts

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්වීමට සුදානම්

Mohamed Dilsad

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ බයිඩන් ඉදිරියෙන්

Mohamed Dilsad

පාකිස්තානයේ HIV පැතිරෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment