ප්‍රමුඛ පුවත 1

නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය.

(UTV| කොළඹ) – නුවරඑළියේ නානුඔය සිට සිංගල් ට්‍රි කන්ද හා ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන 50 ක ආයෝජනයක් ඔස්සේ ඉඳිකෙරන මෙම ව්‍යාපෘතිය නානුඔය දුම්රිය ස්ථානය, නුවරඑලිය තරග තරග පිටිය හා සිංගල් ටී්‍ර කඳු මුදුන යා කරමින් කුලුණු 21 ක් මත ඉදි කිරීමට නියමිතයි.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සීමාසහිත අවුට්ඩොර් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම හා එහි විදේශීය හවුල්කරුවන් වන ඩොපෙල්මේ කේබල් කාර් සමාගම විසිනුයි.

මෙම ව්‍යෘතිය හරහා එකවර මගීන් 10 කට ගමන් කළ හැකි කුටි 88 ක් ඉදිකිරීමට අපේක්ෂිත අතර ව්‍යාපෘතියේ පළමු අධියර යටතේ ඉදිකිරීමට යෝජිත කුටි සංඛ්‍යාව 43 ක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට ක්‍රියාත්මක වේ

Mohamed Dilsad

නව ස්‌මාර්ට්‌ හැඳුනුම්පත මැයි මාසයේ සිට නිකුත් කෙරෙන ලකුණු

Mohamed Dilsad

අගමැති ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment