ප්‍රමුඛ පුවත 1

අද සිට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පැය 08 ක් වැසේ.

(උදයම්,කොළඹ) – අද සිට අප්‍රේල් 06 වනදා දක්වා මාස 03 ක කාලයකට දිනකට පැය 08 ක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල වසා තැබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
මේ අනුව, උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ ගුවන් තොටුපල වසා තැබීමට නියමිතයි.
එබැවින් ගුවන් ගතවීමට නියමිත මගීන් පිටත්ව යාමට නියමිත වේලාවට පැය 05 කට පෙර ගුවන් තොටුපලට පැමිණෙන ලෙසද ගුවන්තොටුපල බලධාරින් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ගුවන් තොටුපල වසා තැබෙන කාලසීමාව තුළ දිනකට ගුවන් වාර විස්සක් පමණ අවලංගු කෙරෙනු ඇත.
එමෙන්ම, කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ කවුලූවද ජනවාරි පළමුවනදා සිට නැවත දැනුම්දෙන තුරු වසා දමා තිබේ.
මේ අතර, කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථය නවීකරණය කිරීම හේතුවෙන් ගුවන්තොටුපල අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.
අනුව අප්‍රේල් 06 වැනිදා දක්වා සෑම දිනකම පස්වරු 03 සිට පසුදින පෙරවරු 09 දක්වා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.
ගුවන් තොටුපල ප්‍රතිසංස්කරණ කටයුතු චීන සමාගමක් විසින් සිදුකරන අතර, ඒ සඳහා වැයවන මුදල රුපියල් කෝටි 720 කි.

Related posts

මහින්දගේ ප්‍රකාශයක් ගැන හිරුණිකා කතා කරයි [VIDEO]

Mohamed Dilsad

නිළ සංචාරයක් සදහා ක්ලෙමෙන්ට් නයෙලට් දිවයිනට

Mohamed Dilsad

ඥානසාර හිමියන්ට රටින් පිටවීම තහනම්

Mohamed Dilsad

Leave a Comment