ක්‍රීඩා

මෙවර IPL තරඟමාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී

(UTV | UAE) – මෙවර IPL ක්‍රිකට් තරඟමාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ඉන්දීය රජය නිල අවසරය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

එම වාර්තාවල සඳහන් වූයේ තරඟමාලාව පැවැත්වෙන ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කිරීමට IPL බලධාරීන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මුණගැසීමට සූදානමින් පසුවන බවයි.

ලබන 21 වනදා IPL කණ්ඩායම් එක්සත් අරාබී එමිර් රාජ්‍ය බලා පිටත් වීමට නියමිත අතර , ලබන මස 21 වනදා IPL තරඟමාලාව ආරම්භ වනු ඇත.

අවසන් මහා තරඟය නොවැම්බර් 10 වනදා පවත්වන බව ද IPL බලධාරීන් සඳහන් කළ බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

ඕස්ට්‍රේලියාවට එරෙහි 20-20 තරඟයෙන් ඇෆ්ගනිස්ථානය ජය ගනී.

Editor O

ශහිඩ් අෆ්රිඩි යළිත් මව්රට බලා පිටත්ව යයි

Mohamed Dilsad

ජාත්‍යන්තරයට ක්‍රිකට් පිති හදන මෙරට තරුණයා[PHOTO]

Mohamed Dilsad

Leave a Comment