ක්‍රීඩා

මෙවර IPL තරඟමාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී

(UTV | UAE) – මෙවර IPL ක්‍රිකට් තරඟමාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ඉන්දීය රජය නිල අවසරය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

එම වාර්තාවල සඳහන් වූයේ තරඟමාලාව පැවැත්වෙන ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කිරීමට IPL බලධාරීන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මුණගැසීමට සූදානමින් පසුවන බවයි.

ලබන 21 වනදා IPL කණ්ඩායම් එක්සත් අරාබී එමිර් රාජ්‍ය බලා පිටත් වීමට නියමිත අතර , ලබන මස 21 වනදා IPL තරඟමාලාව ආරම්භ වනු ඇත.

අවසන් මහා තරඟය නොවැම්බර් 10 වනදා පවත්වන බව ද IPL බලධාරීන් සඳහන් කළ බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

ධනුෂ්ක ගැන හා ක්‍රිකට් කණ්ඩායම ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

කොරෝනා අවධානම මැද ශ්‍රී ලංකාවට යන බංග්ලාදේශ ක්‍රීඩකයින්ට දුන් පණිවිඩය

Mohamed Dilsad

ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකයා වෙනස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment