දේශීය

ෆේස්බුක් සාදයක සිටි 17 හැවිරිදි ගැබිනියක් ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුව

(UTV | කොළඹ ) – ඊයේ (09) මිල්ලනිය , බැල්ලන්තුඩාව ප්‍රදේශයේ ෆේස්බුක් හරහා සංවිධානය කළ සාදයකදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියන් 5 දෙනෙකු ඇතුළු තරුණයන් 20 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සාදයේදී හෙරොයින්, ගංජා සහ මත්ද්‍රව්‍ය පෙති බෙදා හරින බවට තොරතුරු ලැබීමෙන් පසු මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අතර අවුරුදු 60, 17, 18, 19, 20, 23 හා 32 යන වයස්වල පසුවන බණ්ඩාරගම, මැල්ලමුල්ල, දෙහිවල, පානදුර, දොඩංගොඩ, වැල්ලන්තුඩාව, යටියන, කඩුවෙල, බොරලැස්ගමුව හා හොරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සාදයට සහභාගීවුවන් අතර, 17 හැවිරිදි ගැබිනි කාන්තාවක් හා ආබාධිත පුද්ගලයෙක් ද වෙන බව වාර්තා වේ.

මෙම සාදය පැවැත් වීමට සඳහා රුපියල් 5000ක ඇතුළත් වීමේ ගාස්තුවක් ද අය කර ගෙන ඇතැයි තොරතුරු වාර්තා වී තිබේ.

සැකකරුවන් සහ සැකකාරියන් අද (10) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

මිල්ලනිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

ජනපති ඉන්දියාව බලා පිටත්වෙයි

Mohamed Dilsad

මාර්තු සහ අප්‍රේල් විදුලි බිල නව ක්‍රමවේදයක් යටතේ ජනතාව අතට

Mohamed Dilsad

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, හිටපු ජනාධිපති රනිල් සහ විපක්ෂ නායක සජිත් හමුවෙති.

Editor O

Leave a Comment