දේශීයප්‍රමුඛ පුවත 1

දිවයිනේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ

(UTV | කොළඹ) –  අද (10) සිට දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා අධියර වශයෙන් යළි ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල් සාමාන්‍ය පරිදි දින 05 ම පැවැත්වීමට නියමිත අතර , සිසුන් 200 ට වැඩි පාසල් සඳහා එක් එක් ශ්‍රේණිවලට අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිත දින එම අමාත්‍යංශය විසින් නම් කරනු ලැබීය.

කෙසේවෙතත් 5, 10, 11, 12 හා 13 ශ්‍රේණිවල සිසුන් පමණක් සතියේ දින පහම පාසල් පැමිණිය යුතුයි.

ළමුන් 200 ට වැඩි ප්‍රාථමික පාසල් සඳහා පළමු ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය සඳුදා දිනයේත්, 2 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය අගහරුවාදා දිනයේත්, 3 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය බදාදා දිනයේත් පැවැත්වෙනු ඇති.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 4 සහ 5 වන ශ්‍රේණි සදහා පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

සිසුන් සංඛ්‍යාව 200 ට වැඩි ද්විතීයික පාසල්වල 6 වන ශ්‍රේණියේ සිසුන් සඳුදා දිනයේත් / 7 වන ශ්‍රේණියේ සිසුන් අගහරුවාදාත් / 8 වන ශ්‍රේණියේ සිසුන් බදාදා දිනයේත් පාසල් පැමිණිය යුතුයි.

9 සිට 13 දක්වා සියලු ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියාසිටියේ.

6, 7, 8 සහ 9 ශ්‍රේණි සදහා පෙරවරු 07.30 සිට දහවල් 01.30 දක්වාත් 10 සිට 13 වන ශ්‍රේණි දක්වා පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වාත් ඉගැන්වීම් සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලා.

සියලු සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කර ඇති බැවින් දරුවන් පාසල් එවීමට පියවර ගන්නා ලෙසයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා දෙමව්පියන්ට දැනුම් දෙයි.

Related posts

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

සරසවි ප්‍රවේශ අත්පොත ලබන සතියේ නිකුත් වෙයි

Mohamed Dilsad

සෑම පුරවැසියෙකුටම ස්ථාවර ආර්ථිකයක් – ගෝඨාභය රාජපක්ෂ [video]

Mohamed Dilsad

Leave a Comment