දේශීය

කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස ඇල්ලීමට පොලිස් කණ්ඩායම් 4 ක්

(UTV | කුරුණෑගල) –  කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරෙන්තු ලැබූ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 04 ක් යොදවා ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

අදාළ සැකකරුවන් අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට කර තිබූ නියෝගයකට අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊට අදාළ වරෙන්තුව නිකුත් කරනු ලැබීය.

ඒ අනුව අත්අඩංගුවට ගැනීම සඳහා මොවුන් සිටින බවට සැක කෙරෙන ස්ථානවලට ගොස් තිබුණද ඔවුන් එහි නොසිටි බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔවුන් අද දිනයේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුව ඇත.

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම ගොඩනැගිල්ල කුරුණෑගල මහ නගර සභාව විසින් පසුගිය මස 15 වනදා රාත්‍රියේ ඩෝසර කර තිබුණි.

Related posts

කොරෝනා අරමුදලට රුපියල් කෝටි 14 ක ආධාර

Mohamed Dilsad

රන් මිල ඉහළ ⁣ට

Editor O

සැප විඳින 13 වෙනි මාසේ ලබද්දි, ඉස්පිරිතාලේ 25%ක් අතවශ්‍ය ඖෂධ නෑ…! – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න

Editor O

Leave a Comment