දේශීයප්‍රමුඛ පුවත 1

පක්‍ෂ රැසක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කෙරේ

(UTV -කොළඹ) – පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු දේශපාලන පක්ෂ කිහිපයක් අද(10) එම ලැයිස්තු සකස් කර අවසන් කිරීමට නියමිතය.
ඒ සඳහා ඔවුන් අද(10) දිනයේ රැස්වීමට නියමිත බව වාර්තාවේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට – 17
සමගි ජනබලවේගයට – 07
ජාතික ජනබලවේගයට – 01
එක්සත් ජාතික පක්ෂයට – 01
අපේ ජනබල පක්ෂයට – 01
ඉලගෙයි තමිල් අරසු පක්ෂයට – 01
අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයට – 01 බැගින් හිමි විය.

මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නාමලේඛන එළඹෙන 14 වනදාට ප්‍රථම ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දි තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, අපේ ජනබල පක්ෂය සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මේ වනවිට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නම් කර ඇත.

කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් අද(10) අවසන් තීරණයක් ගන්නා බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

එසේම ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනෙනු ඇත.

Related posts

දිට්වා සුළි කුණාටුවෙන් පසුව දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඉහළගිය ද, රට ඉදිිිරියට යන්නේ නැහැ – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O

නුගේගොඩ ගොඩනැඟිල්ලක හටගත් ගින්න පාලනය කෙරේ

Mohamed Dilsad

අමාත්‍යවරුන්ගේ විෂය පථයේ සංශෝධනයක්..

Mohamed Dilsad

Leave a Comment