කලා

රිතික්ගේ සුපර් 30 නෙදර්ලන්තයට

(UTV | කොළඹ ) – 2019 වසරේ සුපිරි නළු රිතික් රෝෂන් රංගනයෙන් දායක වූ ‘සුපර් 30’ බොලිවුඩ් චිත්‍රපටය අගෝස්තු 06 වැනිදා සිට නෙදර්ලන්තයේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙන බව වාර්තා වේ.

ඉන්දීය රුපියල් කෝටි 200කට වඩා වැඩි ආදායමක් උපයාගත් මෙම චිත්‍රපටය ප්‍රකට ඉන්දීය ගණිතඥයෙකු වු ආනන්ද කුමාර්ගේ ජීවිත කතාව අලලා සැකසුණ චිත්‍රපටයක් බව සඳහන් වෙයි.

මෙහි රිතික් රෝෂන්ගේ රංගනයද ඉතා ඉහළ මට්ටමක තිබුණ අතර, ඒ නිසා අවස්ථා කිහිපයකදීම ඔහුට 2020 වසරේ පැවැති ඉන්දීය සිනමා සම්මාන උළෙලයන් රැසකදීම හොඳම නළුවා සම්මනය සඳහා නිර්දේශ වන්නටද අවස්ථාව ලැබුණි.

Related posts

විෂම භාග පිළිබඳ සංවාදයක්

Mohamed Dilsad

නික්ගෙන් ප්‍රියංකාට ලැබුණු අපූරු තෑග්ග

Mohamed Dilsad

2017 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය

Mohamed Dilsad

Leave a Comment