දේශීය

ලෙබනනයේ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් 8 කට තුවාල

(UTV | ලෙබනනය) – පසුගිය ඉරිදා (04 ) ලෙබනනයේ බේරූට් හි සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

අදාළ පිරිස මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන්.

අදාළ පිපිරීමෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ නිවාසවලට ද හානි සිදුව ඇති බවයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

ලෙබනනයේ බේරූට් අගනුවර වරායේ ගබඩාවක තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750 ක් පිපිරීමෙන් පුද්ගලයින් 135 දෙනෙකු මියගොස් තවත් 4000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පැවසීය.

ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය විවෘතව පවතී. දුරකථන අංකය – +961 5769585 , විද්‍යුත් තැපැල් ලිපිනය – slemb.beirut@mfa.gov.lk

Related posts

කාලගුණයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Editor O

ශිෂ්‍යත්වයට හා උසස් පෙළට යළිත් දින නියම වෙයි

Mohamed Dilsad

ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

Mohamed Dilsad

Leave a Comment