දේශීය

ශිෂ්‍යත්වයට හා උසස් පෙළට යළිත් දින නියම වෙයි

(UTV | කොළඹ) – මෙවර ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වනදා පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ නොවැම්බර් 15 වනදා සිට උසස් පෙළ විභාගය ආරම්භ වන බවයි.

දෙසැම්බර් 10 වනදා දක්වා එම විභාගය පැවැත්වීමට සැළසුම් කර ඇති බවද එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 28 සිට සැප්තැම්බර් 8 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සහ හෙට විශේෂ වැඩමුලුවක්

Mohamed Dilsad

බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිටදී සමගි ජන බලවේගය නිහඩ විරෝධතාවක [VIDEO]

Mohamed Dilsad

පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment