දේශීය

ප්‍රදේශ රැසක විදුලිය බිද වැටීම්

(UTV | කොළඹ ) – ඊයේ (05) රාත්‍රියේ සිට දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් වාර්තා වන බව විදුලිබල මණ්ඩලය පවසයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ සිට අධික වැසි ඇදහැලෙමින් පවතින අතර ඒ සමග විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් වාර්තා වන බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කරයි.

කලුතර , අවිස්සාවේල්ල , හෝමාගම නුවරඑළිය , රත්නපුර සහ පාදුක්ක ප්‍රදේශවලින් විදුලිය බැඳවැටීම් පැමිණිලි වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයක විදුලිය බැඳවැටීම වාර්තා වුවද ඡන්දය ගණන් කිරීමේ කටයුතුවලට එය බාධාවක් නොවන අතර ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු සඳහා විදුලි ජනන යන්ත්‍ර යොදවා ඇති බවද සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේය.

Related posts

මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් ඇති කරනවා – ජනපති

Mohamed Dilsad

කොරෝනාවට සොයාගත් එන්නත ලංකාවට

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයන්ගේ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment