දේශීය

SF ලොක්කා ඝාතන සැකකරුවන් අල්ලන්නැයි නියෝග

(UTV| අනුරාධපුර) –  SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධීයේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න සමරසිංහ මහතා පොලිසියට නියෝග කර ඇත.

ඊයේ (05) පෙරවරුවේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයී SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නැමැත්තා නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

ටිී 56 වර්ගයේ ගිනි අවියකින් එල්ල කළ වෙඩි ප්‍රහාර 8ක් මොහුගේ ශරීරයට වැදී ඇති බවත් වෙඩි ප්‍රහාරයෙන් පසුව මෝටර් රථය ගිණි ගෙන ඇති බවත් මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එම මෝටර් රථයේ ඔහුගේ පෙම්වතියද සිට ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් ඇයට හානියක් සිදුව තිබුනේ නැත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙක් මේ දක්වා හඳුනාගෙන නැහැ. අනුරාධපුර පොලිසියයි වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ.

කරාටේ ශූර වසන්ත සොයිසාට තියුණු ආයුධවවින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ ද SF ලොක්කායි.

Related posts

ජේතවන ස්තූපයේ සං‍රක්ෂණ කටයුතු යලිත් අරඹයි

Mohamed Dilsad

කොළඹ වරායේ සේවකයින් 61 කට කොරෝනා

Mohamed Dilsad

නොරොච්චෝලේ කටයුතු යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment