දේශීය

ජේතවන ස්තූපයේ සං‍රක්ෂණ කටයුතු යලිත් අරඹයි

(UTV| කොළඹ) – ඉරි තැලීමකට ලක්ව තිබෙන අනුරාධපුර ඓතිහාසික ජේතවන ස්තූපයේ සං‍රක්ෂණ කටයුතු යලිත් ආරම්භ කල බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

හතරැස් කොටුවේ සිට ගර්භයේ පහලට උතුරු , දකුණු හා බටහිර දිසාවලින් මෙම ඉරිතැලීම් විහිදෙමින් තිබේ.

ක්‍රි.ව. 3 වන සියවසේ මහසෙන් මහ රජතුමන්ගේ නිර්මාණයක් වන ජේතවන දාගැබ ගඩොලින් ඉදිකරන ලද ලෝකයේ විශාලතම සමාරකයයි.

මෙය ලෝක උරුම ස්ථානයක් ලෙසටද යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කොට ඇත.

මෙම පිපිරීම පිළිබඳව කරුණු දක්වන ජේතවනාරාමාධිපති ඉහල හල්මිල්ලෑවේ රතනපාල හිමියන් පවසන්නේ ස්තූප ගර්භයේ ගරා වැටුණු පැරණි කොටස් ඉවත්කර සං‍රක්ෂණය කිරීමේදී ඇතැම් ස්ථානවල මෙම පිපිරීම් සිදුවී ඇති බව තමන් වහන්සේ අනුමාණ කරන බවත් මේවා ස්තූපයේ දිගුකාලීන පැවැත්මට හානිදායක නොවන බවත්ය.

Related posts

ථූපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ කඩිනම් කරන ලෙස උපදෙස්

Mohamed Dilsad

හිටපු ඇමති පියසේන ගමගේගෙන් පැය පහක් ප්‍රශ්න කරයි

Editor O

මංගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Mohamed Dilsad

Leave a Comment