දේශීය

SF ලොක්කා ඝාතන සැකකරුවන් අල්ලන්නැයි නියෝග

(UTV| අනුරාධපුර) –  SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධීයේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න සමරසිංහ මහතා පොලිසියට නියෝග කර ඇත.

ඊයේ (05) පෙරවරුවේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයී SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නැමැත්තා නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

ටිී 56 වර්ගයේ ගිනි අවියකින් එල්ල කළ වෙඩි ප්‍රහාර 8ක් මොහුගේ ශරීරයට වැදී ඇති බවත් වෙඩි ප්‍රහාරයෙන් පසුව මෝටර් රථය ගිණි ගෙන ඇති බවත් මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එම මෝටර් රථයේ ඔහුගේ පෙම්වතියද සිට ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් ඇයට හානියක් සිදුව තිබුනේ නැත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙක් මේ දක්වා හඳුනාගෙන නැහැ. අනුරාධපුර පොලිසියයි වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ.

කරාටේ ශූර වසන්ත සොයිසාට තියුණු ආයුධවවින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ ද SF ලොක්කායි.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පැන්සල් මිලදී ගැනීමේ සහ භාවිතයේ දී සැලකිලිමත් වන්න – වෛද්‍යවරුන්ගෙන් උපදෙසක්

Editor O

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment