දේශීය

වන්නි දිස්ත්‍රික්කයේ අවතැන් ඡන්ද දායකයින්ට ඡන්ද මධ්‍යස්ථාන 12 ක්

(UTV | පුත්තලම) –  වන්නි දිස්ත්‍රික්කයේ අවතැන් ඡන්ද දායකයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 12 ක් පිහිටුවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එම ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය සඳහා යම් දේශපාලන පක්ෂයක බලයලත් නියෝජිතයෙකුට හෝ ස්වාධීන කණ්ඩායම් නායකයෙකුට එක් මධ්‍යස්ථානයකට නියෝජිතයින් දෙදෙනෙකු බැගින් නම් කළ හැකි බව ද එම කොමිසම වැඩිදුරටත් පවසා සිටී.

හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණ ඡන්ද විමසීම සඳහා අද පෙරවරුවේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ කරනු ලැබීය.

දිවයින පුරා පරිශ්‍ර 71 ක සිට ඡන්ද මධ්‍යස්ථාන 12,985 ක් වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

Related posts

දිවයින පුරා වරින්වර විදුලි බිඳ වැටීමක්

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

Mohamed Dilsad

කැබිනට් ඇමති කෙහෙළිය රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment