දේශීය

උසස් පෙළ සිසුන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්

(UTV |ගම්පහ) –  කැළණි ගෙඟ් දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ.

කිරිඳිවැල – රන්වල පාලම අසලින් කැළණි ගඟට බසින ලද සිසුන් දෙදෙනෙක් මෙලෙස දියේ ගිලී ඇත.

ඔවුන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

19 හැවිරිදි මෙම පාසල් සිසුන් දෙදෙනා වැලිවේරිය සහ මුදුන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

පිරිමි ළමයින් අටදෙනෙකු සහ ගැහැණු ළමයින් තුන්දෙනෙකු ඊයේ මෙලෙස දිය නෑමට පැමිණ ඇති අතර, මිතුරෙකුගේ නිවසට පැමිණි ඔවුන් වැඩිහිටියන්ට නොදන්වා එම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 75 ඉක්මවූ තද වැසි

Mohamed Dilsad

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

Editor O

අගමැති මහින්ද නිල වශයෙන් සිය ධූරයේ වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment