දේශීය

උසස් පෙළ සිසුන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්

(UTV |ගම්පහ) –  කැළණි ගෙඟ් දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ.

කිරිඳිවැල – රන්වල පාලම අසලින් කැළණි ගඟට බසින ලද සිසුන් දෙදෙනෙක් මෙලෙස දියේ ගිලී ඇත.

ඔවුන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

19 හැවිරිදි මෙම පාසල් සිසුන් දෙදෙනා වැලිවේරිය සහ මුදුන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

පිරිමි ළමයින් අටදෙනෙකු සහ ගැහැණු ළමයින් තුන්දෙනෙකු ඊයේ මෙලෙස දිය නෑමට පැමිණ ඇති අතර, මිතුරෙකුගේ නිවසට පැමිණි ඔවුන් වැඩිහිටියන්ට නොදන්වා එම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Related posts

කොළඹ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළට

Mohamed Dilsad

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාට කරන ඇඟිල්ල වෙනස් කරයි.

Editor O

මුස්ලිම් හෙදියන්ට සිය සංස්කෘතික ඇදුම්වලින් රාජකාරි කිරීමට අවසර..- ඇමති විජිත

Editor O

Leave a Comment