දේශීය

අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි

(UTV |කොළඹ) – අද මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීම හේතුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සිය අවසන් ජනහමු සඳහා සියලු කටයුතු සූදානම් කරමින් සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අවසන් ජනහමු අග්‍රාමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් අද දිනයේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන රැළිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන, ඩීන්ස් පාරේ දී පැවැත්වීමට නියමිතය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අවසන් ජනහමුව කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ දී පැවැත්විමට නියමිත අතර ඔහුගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ තවත් ජනහමු කිහිපයක් පැවැත්වේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන අවසන් ජනහමුව ද අද පස්වරුවේ මාලිගාවත්ත ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතය.

Related posts

බත්තරමුල්ලේ බන්ටිගේ ගෝලයින් සිව් දෙනෙක් දැලේ

Mohamed Dilsad

කරාපිටිය ශික්ෂණ රෝහලට Ultrasound Scanner යන්ත්‍රයක්[PHOTOS]

Mohamed Dilsad

”බූස්ටර් එක වැඩ කළොත් මාස්ක් අවශ්‍ය නැහැ ”

Mohamed Dilsad

Leave a Comment