දේශීය

බත්තරමුල්ලේ බන්ටිගේ ගෝලයින් සිව් දෙනෙක් දැලේ

(UTV |කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බත්තරමුල්ලේ බන්ටි නමැත්තා ළඟින් ඇසුරු කළ 4 දෙනෙකු ත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බත්තරමුල්ල – අකුරේගොඩ ප්‍රදේශයේදීය.

අද(23) පෙරවරුවේ තලංගම පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අතර කාන්තාවක් සහ ගුවන් හමුදාවෙන් පලා ආ සෙබලෙකුද වන බව වාර්තාවේ.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 300 ක්, අයිස් ග්‍රෑම් 20ක් සහ කේරළ ගංජා තොගයක් සොයා ගත බව පොලිසිය පවසයි.

Related posts

මෙරට ණය ප්‍රතිකර්ම වැඩසටහන වේගවත්ව සිදුවෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර 20-20 අවසන් තරඟය අද (17) රාත්‍රියේ

Editor O

මගීන්ගේ ආරක්‍ෂාවට දුම්රිය ගමන් වාර ගණන තවත් වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment