දේශීය

හෙරොයින් ගෙන ගිය උකුස්සා අද උසාවියට

(UTV | කොළඹ) – ඊයේ (30) සොයාගනු ලැබූ උකුස්සා අද (31) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. 

 මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ පිහිටි ගොවිපළක කූඩුකර සිටියදී මෙම උකුස්සා සොයාගනු ලැබුවේය.

පාතාල කල්ලි නායක “අංගොඩ ලොක්කා” විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන මෙම උකුස්සා “කුස ඇලි මුහුදු උකුස්සා” නම් උකුසු විශේෂයක් වන අතර ,  කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවාගෙන යාමට හැකියාව ඇතැයි සැළකේ.

මේ වර්ගයේ උකුස්සන් විධානයන් අනුව කටයුතු කිරීම සඳහා පුහුණු කළ හැකි බව ද වනජීවි නිලධාරීන් පවසයි.

Related posts

සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයෙන් ප්‍රකාශයක්

Editor O

මාලිමාවට කට උත්තර නැතිවෙන්න අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කළ විපක්ෂ නායක

Editor O

මහබැංකු වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරයි

Mohamed Dilsad

Leave a Comment