දේශීය

අසාද් සාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් – නීතිපති

(UTV | කොළඹ) – අත්අඩංගුවේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ඉකුත් මාර්තු මස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි නීතිපතිවරයා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

ඒ, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අසාද් සාලි මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීය.

පෙත්සම සලකා බැලීම ලබන 28 වනදා තෙක් කල් තැබුණි.

Related posts

එරාවුර් ප්‍රා.ලේකම්ට තර්ජනය සැකකරුවන්ට ඇප

Mohamed Dilsad

දුම්රියේ ගැටීමට ගිය බස්රථයක් නූලෙන් බේරෙයි

Mohamed Dilsad

දෛනික ආසාදිතයන් වැඩිම ගම්පහ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

Leave a Comment