දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමක් අද

(UTV | කොළඹ ) – අද (24) පස්වරු 6.00 ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

ඒ, එහි සභාපති හිටපු කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙනි.

අද රැස්වීමේදී මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පවතින පුරප්පාඩු දෙක පිරවීමට නියමිතය.

එම පුරප්පාඩු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නම් දෙකක් ඒවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදනය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සහභාගීවීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පැවසුවේය.

Related posts

ආගමික ස්ථාන වල එක්රැස් නොවන්නැයි ඉල්ලීමක්[RELEASE]

Mohamed Dilsad

ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මුලතිව් – මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ දී බෝම්බ පිපිරීමක් – සිව්දෙනෙක්ට බරපතලයි

Editor O

Leave a Comment