දේශීය

ජපානයේ සහ කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ) – කොරෝනා කාලය තුළ මෙරටට පැමිණීමට බලපොරොත්තුවෙන් ජපානයේ සහ කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 47ක් දිවයිනට පැමිණ තිබේ.

මෙම පිරිස අද (31) අලුයම දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

කටාර් රාජ්‍යයේ සිට පැමිණි පිරිස අතර එරට නාවිකයන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු වේ.

ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණි.

මේ අතර  ගාල්ල වරායේ නවතා තිබෙන නැවක සේවය කළ ඉන්දීය ජාතික නාවිකයන් 58 දෙනෙකු අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

Related posts

රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ, සජිත් ප්‍රේමදාසට සහාය පළ කරයි.

Editor O

උසස් පෙළ පැවැත්වෙන දිනය පාසල් ඇරඹීමෙන් පසු

Mohamed Dilsad

ආණ්ඩුවට , ඉලංගෙයි තමිල්අරසු පක්ෂයෙන් දැඩි විරෝධයක්

Editor O

Leave a Comment