දේශීය

ජපානයේ සහ කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ) – කොරෝනා කාලය තුළ මෙරටට පැමිණීමට බලපොරොත්තුවෙන් ජපානයේ සහ කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 47ක් දිවයිනට පැමිණ තිබේ.

මෙම පිරිස අද (31) අලුයම දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

කටාර් රාජ්‍යයේ සිට පැමිණි පිරිස අතර එරට නාවිකයන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු වේ.

ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණි.

මේ අතර  ගාල්ල වරායේ නවතා තිබෙන නැවක සේවය කළ ඉන්දීය ජාතික නාවිකයන් 58 දෙනෙකු අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

Related posts

මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාවේ නිෂ්පාදන ඇරඹේ

Mohamed Dilsad

ගත වූ මාස 8ට නිරෝධායන රීති කැඩූ 50,027ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment