දේශීයප්‍රමුඛ පුවත 1

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු යළි සේවයට

(UTV |කොළඹ) – දින 11 ක් අඛණ්ඩව ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (29) පෙරවරු 7 යි 30 සිට යළි සේවයට වාර්තා කර තිබේ.

ඊයේ ඔවුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් පසුවය.

නිරෝධායන පනත අනුව රාජකාරී කිරීමේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට හිමි නෛතික රාමුව පිළිබඳව ගැටලුවක් මුල් කරගෙනයි පසුගිය 16 වනදා සිට දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වුහ.

ඊයේ පැවැත්වූ සාකච්ඡාවේදී ඇතිකරගත් එකගතා අනුව අද සිට සාමාන්‍ය පරිදි සියලුම රාජකාරී කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Related posts

අනුර සේනානායක යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

සවස් වරුවේ පළාත් කීපයකට තද වැසි

Mohamed Dilsad

අදත් වැසිබර කාලගුණයක්

Mohamed Dilsad

Leave a Comment