ප්‍රමුඛ පුවත 1

අනුර සේනානායක යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(උදයම්,කොළඹ)  – රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

අදාළ නඩුව අද(18) කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොක්සි මහතා විසින් ඔහු ලබන 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මෙහිදී වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලැබුණු රහසිගත තොරතුරු පදනම් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැනුම් දී තිබේ.

ඊට අමතරව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ වසීම් තාජුදීන්ගේ විද්‍යුත් කාඩ්පත් මඟින් මුදල් ලබාගෙන තිබේද යන්න පිළිබඳවද පරීක්ෂණ පවත්වන බවය.

එවකට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන් පවත්වාගෙන යන විනය පරීක්ෂණ ලබන 21 වනදා දින වන විට අවසන් කරන බවට වෛද්‍ය සභාව තමන්ට දැනුම් දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කර ඇත.

Related posts

දින16ට රුපියල් බිලියන 90 භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ

Mohamed Dilsad

කොළඹ ජාතික රෝහලේ පටකවේදී පරීක්ෂණ යළි ඇරඹේ.

Mohamed Dilsad

මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment