දේශීය

අපරාධකරුවන් ගැන දැනුම් දීමට විද්‍යුත් ලිපින දෙකක්

(UTV | කොළඹ ) – පොලිස් මූලස්ථානය විසින් විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව සහ අපරාධ කල්ලි සාමාජිකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට විද්‍යුත් ලිපිනයන් දෙකක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 1997@police.lk විද්‍යුත් ලිපිනයට සහ අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් 1917@police.lk විද්‍යුත් ලිපිනයට තොරතුරු ලබා දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව සහ අපරාධ කල්ලි සාමාජිකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දැනුම්දීමට කෙටි දුරකථන අංක දෙකක්ද පොලිසිය විසින් ඊයේ(27)
හඳුන්වාදෙනු ලැබුවේය.

ඒ අනුව 1997 අංකය සහ 1917 යන කෙටි දුරකථන අංක වෙත තොරතුරු දැනුම් දිය හැකියි.

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව සහ අපරාධ කල්ලි සාමාජිකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් ලබාදෙන තොරතුරු සහ එම තොරතුරු ලබාදෙන තැනැත්තන්ගේ රහස්‍යභාවය ආරක්ෂා වන පිරිදි ක්‍රියා කරන බව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත සහතික වේ.

Related posts

පළාත් පාලන නියෝජිතයන්ගේ නම් ගැසට් කරන විදිය

Editor O

පිරමීඩ යෝජනා ක්‍රම තහනම් කළත් : නඩු පැවරීම් ප්‍රමාදයි …?

Editor O

ඩෙංගු යළිත් හිස ඔසවයි

Mohamed Dilsad

Leave a Comment