දේශීය

ඩෙංගු යළිත් හිස ඔසවයි

මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 6,497ක් වාර්තා වී ඇති බව එම අංශය සඳහන් කළේය.

 

පෙබරවාරි මාසයේදී දැනටමත් රෝගීන් 1,150ක් වාර්තා වී ඇත.

 

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

 

පසුගිය මාසයේදී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් රෝගීන් 1,000 බැගින් වාර්තා වී තිබේ.

 

එමෙන්ම පෙබරවාරි මාසයේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 218ක්, පුත්තලමෙන් රෝගීන් 172ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130ක් වාර්තා වී ඇත.

 

රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව බව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් වාර්තා කළේය.

Related posts

තුඩාව මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙක් අතුරුදන්

Mohamed Dilsad

ඇමෙරිකාවේ බදු අපට ගැටළුවක් නැහැ : ට්‍රම්ප් ට උතුර දකුණ හොයාගන්න බැරිවෙන්නම සුනිල් හඳුන්නෙත්ති කියයි.

Editor O

නොරොච්චෝලේ කටයුතු යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment