ව්‍යාපාරික

මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරුවක

(UTV | කොළඹ) – දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (SAARC) රටවල් වෙත 2019 – 2022 කාලය සඳහා පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව, ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරු ගිවිසුමකට ජූලි මස 24 වන දින එළඹීය.

මෙමගින් රටේ කෙටිකාලීන ගෙවුම් ශේෂ අවශ්‍යතාවන් මූල්‍යනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට පහසුකමක් සැලසේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් හුවමාරු පහසුකම සඳහා එළඹීමෙහි අරමුණ වන්නේ ස්ථාවර විදේශ විනිමය සංචිත තත්ත්වයක් සුරක්ෂිත කර ගනිමින්, ප්‍රමාණවත් කෙටිකාලීන විදේශ විනිමය ද්‍රවශීලතාවයක් පවත්වා ගැනීමයි.

මෙම මුදල් හුවමාරු පහසුකම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශ යටතේ කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මෙම මුදල් හුවමාරු පහසුකම යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුවට එක්සත් ජනපද ඩොලර් මිලියන 400 ක් ප්‍රථමයෙන් මාස තුනක කාලයක් සඳහා ලබා ගැනීමේ අවස්ථාව පවතී.

Related posts

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39 ක්

Mohamed Dilsad

දකුණු ආසියාවේ ඉහළම ප්‍රගතිය ලංකාවෙන්

Mohamed Dilsad

සහනදායී මිලට මුහුදුවැලි බෙදාහැරීම පළවනදා සිට

Mohamed Dilsad

Leave a Comment