ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

දකුණු ආසියාවේ ඉහළම ප්‍රගතිය ලංකාවෙන්

(UTV| කොළඹ) – දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ෂාෆර් මෙරට සංචාරයක නිරත වෙමින් සඳහන් කර සිටියේ දිළිඳුභාවය තුරන් කිරීමේදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම ප්‍රගතිය අත්කර ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ලබාදිය හැකි සහයෝගය පිළිබඳ සාකච්ඡා කිරීම අරමුණු කර ගනිමින් ඔහු දිවයිනට පැමිණ ඇත.

සංචාරක / තොරතුරු තාක්ෂණ වැනි අංශ රැසකින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය සැපයීමට සූදානම් බවත්  උප සභාපතිවරයා සඳහන් කරයි.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ෂාෆර් මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ  මහ බැංකු අධිපතිවරයා ඇතුලු පාර්ශව රැසක් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇත

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදෙස් ශ්‍රමිකයින්ගේ සුබසාධනයට කොළඹ ප්‍රකාශයක්

Mohamed Dilsad

පෙබරවාරියේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

Mohamed Dilsad

දේශපාලන පලිගැනීම් සඳහා මුහුණදීමට තමන් සුදානම් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment