ප්‍රමුඛ පුවත 1

කසල රැගෙන ගිය ලොරි රථ වලට යළි ප්‍රහාරයක්

(UTV| කොළඹ) – කොළඹ සිට අරුවක්කාලු දක්වා කසළ ප්‍රවාහනය කළ ලොරි රථ වලට අද අළුයම යළි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලීසිය පැවසුවේ කසල රැගෙන ගිය ලොරි රථ 28න් 4කට හානි සිදුව ඇති බවයි.

පුත්තලම සහ මනතිව් ප්‍රදේශ ආශ්‍රිතව සැඟව සිටි පිරිසක් අද අලුයම එම ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

මේ අතර කොළඹ කසළ අරුවක්කාලු වෙත ප්‍රවාහනය සඳහා විධිමත් ආරක්ෂාවක් ලබා දෙන්නැයි කොළඹ මහ නගර සභාව වැඩබලන පොලිස්පතිවරයාගෙන් පසුගිය 19 වන දා ඉල්ලීමක් කළේය.

එම ලිපිය පසුගිය 19 වන දා වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සඳහන් කළේය.

කොළඹ කසළ ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ කිහිපයකට පෙරේදා අලුයම ද ප්‍රහාරයක් එල්ල විය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිප හා ‌‌‌පොදුජන පෙරමුණ සන්ධාන ගතවෙයි [VIDEO]

Mohamed Dilsad

කටුවාපිටියේ සුරුවමකට ගල් ප්‍රහාරයක්

Mohamed Dilsad

ඌව පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment