ව්‍යාපාරික

සහනදායී මිලට මුහුදුවැලි බෙදාහැරීම පළවනදා සිට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLRDC) මඟින් පාලනය වන රුපියල් මිලියන 400 ක වියදමකින් යුතුව ඉදිකරන ලද සෝදා හලන ලද මුහුදුවැලි අළෙවි කිරීමේ ව්‍යාපෘතිය නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව දෙවන අදියර ලෙස එහි කාර්යසාධනය ඉහළ නැංවීම සහ මහජනතාවට සහනදායී මිල යටතේ වැලි සැපයීමේ අරමුණින් යුතුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කරන ලද ඇසුරුම් කළ වැලි පැකට්කර බෙදා හැරීම සඳහා වත්තල කෙරවලපිටියේ පිහිටි ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු භුමියේ ස්ථාපිත මුහුදු වැලි ඇසුරුම් මධ්‍යස්ථානය විවෘත කිරීම සහ කොළඹ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි ඉදිකිරීම් අලෙවිසල් වෙත වැලි ඇසුරුම් බෙදාහැරීම නොවැම්බර් 01 දා අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

දැනට වෙළඳපලේ අළෙවි වන වැලි කියුබ් එකක සාමාන්‍ය මිල රුපියල් 18,000 ක් පමණ වේ.

එමෙන්ම වර්තමානයේ විවිධ හේතූන් නිසා පාරිභෝගිකයාට ගංගා වැලි ලබා ගැනීම දුෂ්කර වනවා මෙන්ම විවිධ හේතූන් මත එම වැලි අපතේ යාමක් ද සිදුවේ.

එහෙත්, පිරිසිදු කරන ලද මුහුදු වැලි භාවිතයේ දී එවැනි කිසිඳු ගැටළුවක් පැන නොනගින හෙයින් විශාල ලාභයක් පාරිභෝගිකයාට ලැබෙන අතර , ඉතා සහනදායි මිලට මිල දී ගත හැකි මෙම වැලි (50Kg) පැකට්ටුවක විකුණුම් මිල 220 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් [PHOTOS]

Mohamed Dilsad

වසරේ දැවැන්තම තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය හෙටින් ඇරඹේ

Mohamed Dilsad

දෙමුහුන් බඩඉරිඟු වගාව රට පුරා ප්‍රචලිත කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment